ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් පෙරලිකාර ජයක්

0
Spread the love

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 08ක ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 282ක් රැස්කර ගත්තේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තාන කණ්ඩායම පරදවා ඇෆ්ගනිස්තාන කණ්ඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *