QR අත්හිටුවීමට තීරණයක් ගෙන නෑ – විදුලිබල හා බලශක්ති ඇමති

0
Spread the love

ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය විශ්ලේෂණය කරමින් පවතින බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය සම්බන්ධයෙන් තීරණ ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *