තුර්කි – සිරියා භූ කම්පනයෙන් මරණ 4,500 ඉක්මවයි

0
Spread the love

භූ කම්පන සමඟ තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තුර්කියේ සහ රුසියාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් අද (07) උදෑසන වන විට මරණ 4,372 ක් තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

තුවාල ලැබූවන් 15,834 ක් වාර්තා වී ඇති බව අන්කාරා හි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින් තුර්කියේ ආපදා සේවා ප්‍රධානී යුනුස් සේසර් පවසයි.

සිරියාවේ මරණ 1,451 ක් සහ තුවාල කරුවන් 3,531 ක් වාර්තා වී ඇතැයි එරට නිලධාරීන් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *