කොළඹ ජනතාවගේ උද්ධමන අඩු වෙයි
ඉකුත් මාර්තු මාසයේදී කොළඹ නාගරික ජනතාවගේ උද්ධමන අනුපාතය සියයට 0.9 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය පෙබරවාරි මාසයේදී පැවතියේ සියයට 5.9 ක් ලෙසය.
කෙසේ නමුත්, කොළඹ නාගරික ප්‍රජාවගේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ඉකුත් මාර්තු මාසයේදී සියයට 3.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ඉකුත් පෙබරවාරි මාසයේදී පැවතියේ සියයට 3.5 ක් ලෙසය.
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) ඝෘණ සියයට 0.5 ක් දක්වා අඩුවී ඇති අතර පෙබරවාරි මාසයේ දී සියයට හතක් ලෙස වාර්තා විය.